Partners Leadership Training Program

2022-08-31

මානව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වුවද සැබෑවටම එය කතාබහකට පමනක්ම සීමා වී ඇති බවක් සමාජයේ එදිනෙදා සිදුවීම් දෙස බැලීමේදී පෙනී යන කරුණකි. එයට හේතුව නම් ශ්‍රී ලංකාව තුළ නීතිය මත පාලනයක් නොමැති වීමය. වඩා භයානකම කරුණ නම් නීතිය, බලය ධනය ඇති වුන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීම සඳහා වන මෝඩ ව්‍යවස්ථාවකින් රට පාලනය වීමය.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සැකසී ඇත්තේ එක් පුද්ගලයෙකු කේන්ද්‍ර කරගනිමිනි. ජේ. ආර්. ජයවර්ධන ජීවත් වීමේ අයිතිය පවා ව්‍යවස්ථාවෙන් ඉවත්කරන්නේ ඒ හෙයිනි.

ව්‍යවස්ථාමය අර්බුධය නීතිය සමබන්ධ කාරණයේදී පමණක් සැලකිල්ලට ගැනීම තරම් නොවේ. අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය යනාදී එදිනෙදා ජීවිතයේ ඔබට මට බලපාන සෑම කරුණකම පාහේ ව්‍යවස්ථාමය අර්බුධයේ නිරූපිතයක් ලෙස පෙනී සිටී.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ කැපී පෙනෙනම අර්බුධය නම් රාජ්‍ය සංස්ථා අකර්මන්‍ය කිරීමය. ඒ එක් පුද්ගලයෙකු විසින් ඒවා පාලනය කිරීමට යාම හරහාය.

ඔබ සිතන්න වසර 40කට වැඩි කාළයක් රටක් මෙවන් ආකාරයේ වංචාවට, දූශනයට, අනීතික පාලනයට ඉඩ හසර සලසා ඇති විටක ශ්‍රී ලංකාව මේ තරමින් හෝ ඉතිරිවීම විශ්මයට කරුණක් නොවේද?
මේ නිසා ශ්‍රී ලංකා ව්‍යවස්ථාව යනු විකාර ලේඛණයකි. එය ශ්‍රී ලංකාවේ උපරිම නීතිය ලෙස සලකා කටයුතු කිරීම නිසා රටේ නීතිය විකාරයක් සහ විහිලුවක් බවට පත්ව ඇත. එසේම බරපතලම කරුණ නම් නීතිය ක්‍රියාත්මක වීම ඇණහිට ඇත.
ශ්‍රී ලංකාවට උදාව ඇති මේ මොහොත කලාතුරකින් උදාවන දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකීම මනාය. මක්නිසාදයත් මෝඩ ජනතාවකගේ මෝඩ තීරනයක් වූ හැත්තෑ අටේ ව්‍යවස්ථාව වෙනස්කරගත හැකි බුද්ධිමය ජනතා නැගී සිටීමක ශ්‍රී ලංකාව සිටී. තරුණ තරුණියක් සිටින්නේ අන් කවර දාකටත් වඩා උද්යෝගයකිනි. එය අපතේ නොයා යුතුව ඇත.
ඒ හෙයින් නව ව්‍යවස්ථාවක් කරා යන ගමන මේ මොහොතේ ආරම්භ කළ යුතුය.
ඒ සඳහා වන සාකච්චාවක් අද නීතියේ ආධිපත්‍යය සඳහා වන ආයතනය සහ ආසියානු මානවහිමිකම් කොමිසම ඒකාබද්ධව පැවැත්වීය.