තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමට අදාළ මහා ප්‍රශ්නය – බැසිල් ප්‍රනාන්දු
2023-08-11
මෙම සටහන ඉතා පුළුල් කීර්තියක් ඇති තරුණ මාධ්‍යවේදියෙකු වන තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමත් සමඟ මතු වූ විශාල ප්‍රශ්න පිළිබඳවය.
පසුගිය සිකුරාදා (ජූලි 28) උද්ඝෝෂනයක් වාර්තා කිරීමේ අරමුණින් සහභාගි වෙමින් සිටි තරිඳු උඩුවරගෙදර ත්‍රිරෝද රථයකින් ඔහුගේ කොණ්ඩයෙන් වියරු ලෙස බලහත්කාරයෙන් ඇදගෙන ගොස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහර දී තිබේ. ඒ තමන් එහි පැමිණීයේ එම විරෝධතාවය වාර්තා කිරීමට බව උස් හඬින් පැහැදිලි කරමින් සිටියදීය. ඇත්ත වශයෙන්ම, ඔහු ත්‍රිරෝද රථයක අසුන් ගෙන සිටි අතර, එතැනින් ඔහුව ඇද ගෙන ගොස් ඇත්තේ, නීතියක් ක්‍රියාත්මක කරන කිසිම ආයතනයක සාමාජිකයින්ට නොගැලපෙන, නපුරු හා කැත අන්දමටය.
පවතින ඡායාරූප සහ වීඩියෝ වලට ස්තූතිවන්ත වන්නට, මෙම සම්පූර්ණ සිදුවීම රට තුළ සජීවීව සහ පුළුල් ලෙස සංසරණය විය. අහම්බෙන් මෙන්, ශ්‍රී ලංකාවේ පොලිසියේ හැසිරීමේ ස්වභාවය මෙම ඡායාරූප සහ වීඩියෝ මගින් පැහැදිලිව ප්‍රකාශට පත් විය.
තවදුරටත් කියවන්න : https://sinhala.srilankabrief.org/?p=44502