පරවි දූපතේ හෙවනැල්ලට වැසුණු එරක්කන්ඩිය විද්‍යාලය

2023-11-14

ත්‍රිකුණාමලය වෙරළ බඩ කලාපයේ උතුරින් පිහිටි කුච්චවේලිය යුද ගැටුම් නිසා බොහෝ සෙයින් විනාශයට පත්වු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකි. කොටි සටන්කාමින්ගේ ප්‍රධාන යුද කඳවුරු හා සන්නද්ධ කොටින්ගේ බොහෝ ක්‍රියාකාරකම් සිදු කෙරුණු මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා අතීතයේ මෙන්ම වර්තමානයේ ද බොහෝ සමගියෙන් වාසය කලෝය. කළපුව හා මුහුද, වනාන්තර හා විල්ලු, පරවි දුපත හා කොරල් දූව මෙම ප්‍රදේශයේ ගැමියන්ගේ ජීවනෝපායට මහත් පිටිවහලක් ව තිබේ.

කුච්චවේලිය උප නගරයක් ලෙස යම්තාක් දුරට සංවර්ධනය ව ඇතත් ජනයාගේ දරිද්‍රතාව පහව ගොස් නැත. ගෙවතු වගාව හා කළපු ධීවර රැකියාව තුලින් අඩු ආදායම් උපයන බහුතර ආන්තික ප්‍රජාවක් වෙසෙන කුච්චවේලියේ වාලයුත්තු ග්‍රාම නිලධාරි වසමේ පිහිටි සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කෙරෙන ඒකම පාසල වන ත්‍රි/ ඒරක්කන්ඩි සිංහල විද්‍යාලය ජන වර්ග, ජාති, ආගම්, කුලමල බේදයකින් තොරව දුප්පතුන්ගේ දරුවන් හට අකුරු කෙරෙන නිවහන බවට පත්ව ඇත.

වාලයුත්තු ගමේ සිට කිලෝ මීටර ඒකහමාරක් පමණ දුරින් පුල්මුඩේ දෙසට වන්නට දෙමල මාධයෙන් අධ්‍යාපනය ලබාදෙන අල් -නුරීයා මහා විද්‍යාලය ද කිලෝ මීටර 9 ක් පමණ ත්‍රිකුණාමලය දෙසට වන්නට නිලාවෙලි කෛලේෂ්වරා විද්‍යාලය ද පිහිටා ඇතත් ඒකී පාසල් වෙත දරුවන් යොමු කිරීමට තරම් වාලයුත්තු හි ජීවත්වන ගැමියන් සුළුතරයකට වත්කමක් නැත. ඔවුන් සිය ආර්ථික අපහසුතා හේතුවෙන් ඒරක්කණ්ඩි සිංහල විදුහලට තම දරුවන් යොමු කරනුයේ මහත් බලාපොරොත්තු රැසක් හිසමත තබා ගනිමිනි.

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ කුච්චවේලි අධ්‍යාපන කොට්ඨාශයට අයත් වාලයුත්තු ගමේ පිහිටි මෙම පාසල 1965 වසරේ දී පොල් අතු හෙවිලි කොට කටු මැටිගසා ගොඩනැගූ ශාලා දෙකකින් ආරම්භ කල බව ගමේ පැරණි කාන්තාවක වන ගෝවින්නගේ කමලාවති මහත්මිය පැවැසුවාය.

“මගේ තාත්තා සයනේරිස් සිංඥෝ ඒයා තමයි ස්කෝලේ බුදු මැදුර හැදෙව්වේ. ඒ් බුදු පිළිමය ඒතැනම තියලා අඹාපු ඒකක්. ඒ්ක ලස්සනට තිබුණා. මේ අවට සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි හැමෝම වගේ ඉගෙන ගන්න ආවේ මේ ස්කෝලෙට. ත්‍රස්තවාදි කලබල නිසා අපි හැමෝම ගම දාලා ගියා, ඊට පස්සෙ ස්කෝලේ වැහිලා ගියා.” කමලාවති මහත්මිය සිය පාසලේ අතීත මතකය ඒසේ අවදි කරමින් පැවැසුවාය.
ඒරක්කණ්ඩි සිංහල විද්‍යාලය තුල පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ. සිංහල මාධ්‍ය පාසලක් වුවද සිංහල, දෙමළ හා මුස්ලිම් ජන වර්ග වලට අයත් විවිධ ආගම් අදහන දරුවන් මෙහි ඉගෙනුම ලබයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 11 වර්ගයට අයත් පාසලක් ලෙස නම්කර ඇති මෙම පාසලේ පාසල් සංගණන අංකය 16235 වේ. පාසල් අංකය 1706019 වන අතර පාසල් විභාග අංකය 29295 වේ. 1987 වසරේ ත්‍රස්තවාදි ක්‍රියාවන් උග්‍රවීම නිසා පාසල වසා දැමෙන විට පාසල තුල ළමුන් 200 ක් පමණ අධ්‍යාපන හදාරා තිබුණි. ඒරක්කන්ඩි, තිරියාය, පොඩවකට්ටු, සලෙපයාරු, කුච්චවේලි හා කල්ලරාව යන කුච්චවේලියේ වෙරළබඩ ගම්මාන වල ජීවත්වන දරුවන් ඒකල මෙහි අධ්‍යාපනය ලැබුවෝ වෙති.

1965 වසරේ කුඩාවට ආරම්භ කොට පවත්වාගෙන ගිය පාසල 1978 වසරේ දී හමා ආ දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් කඩා වැටුණු බව මෙහි ආදි සිසුවෙකු වන වාලයුත්තු හි පදිංචි ප්‍රියන්ත මලවැන්නගොඩ මහතා පවසයි.

ප්‍රියන්ත මලවැන්නගොඩ
ප්‍රියන්ත මලවැන්නගොඩ
 

“ ස්කෝලේ 78 සුළි සුළඟට කඩා වැටුණා. අපිට තිබ්බෙ මැටි ගහලා පොල් අතු හෙවිලි කල ශාලා දෙකක්. ඒවායේ තමා අපි ඉගෙන ගත්තෙ. අරලිය ගහක් ඒක ශාලාවක් උඩට වැටුණා. ඊට පස්සෙ මගේ තාත්තා මට කියලා ඒ් කාලේ අගමැති ප්‍රේමදාස මහත්තයාට ලියුමක් ලියා ගත්තා. අපේ ස්කෝලෙ සුළි සුළඟින් කඩා වැටුණාය. ඒ්ක හදා දෙන්නය කියලා. ඒ් ලියුම ලිව්වෙ මම, මගේ ලියුමත් අරන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොකු මහත්වරු ස්කෝලෙට ආවා. ලියුම පෙන්නලා විදුහල්පතිතුමා හමුවෙලා අපිට ගඩොලින් ලොකු ශාලා දෙකක් පංති කාමර ඒක්ක හදලා දුන්නා. 1987 අපි කොටි කලබල වලට ගම දාලා ගියාට පස්සෙ 2009 ආයේ ඒනකොට ඒ් හෝල් දෙකම කොටි විනාශ කරලා දාලා තිබ්බා. බුදු මැදුර පුපුරවලා දාලා. දැන් තියෙන්නේ 2010 හදපු ගොඩනැගිලි විතරයි අපි ඉගෙන ගත්ත අර පරණ ශාලා ඒකක්වත් නෑ..” ප්‍රියන්ත මලවැන්නගොඩ මහතා පාසල පිළිබඳව සිය අතීතය අවදි කරමින් ඒසේ පවසයි.
ත්‍රස්තවාදී ක්‍රියා උග්‍රවීම හේතුවෙන් මෙම පාසල මුළුමණින්ම වැසී ගිය බව ඒරක්කණ්ඩියේ පදිංචි පාසලේ ආදි සිසුවකු වන මොහොමඩ් අනීෆා මහතා පවසයි. ත්‍රස්තවාදි ක්‍රියා වැඩීවම නිසා 1995 වසරේ දී මුස්ලිම් ජනයාද ඒරක්කණ්ඩිය අතහැර යාම පාසල මුළුමනින්ම වැසීයාමට හේතුවක් වු බව අනීෆා සිය මතකය අවදි කරමින් පැවසීය.

“සිල්වා සර් තමයි ප්‍රින්සිපල් හිටියේ ඒයාගේ දරුවෝ 4 දෙනාම මේ ස්කේලේ අපි ඒක්ක ඉගෙන ගත්තේ ඊට පස්සෙ ජයලත් සර් ප්‍රින්සිපල් වෙලා ආවා. රෆීක්, ෂාජහන්, අබ්දුල් සලාම්, සත්‍ය රාණි, සත්‍ය මාරි, සත්‍යජිත්, විවියන්, නඩේෂ්, ප්‍රියන්ත, මර්වින් අපි හැමෝම ඒකට හිටියේ මේ ස්කෝලේ සිංහල, දෙමල, මුස්ලිම් හැමෝම හිටියා. කුච්චවේලියේ තිරියායේ ඉඳලා ළමයි ආවා. දැන් ස්කෝලෙ ළමයි අඩුවෙලා පාළුවට ගිහින්”
යුද්ධය අවසන්ව නැවත පදිංචිය සඳහා ඒන්නැයි ජනපති මහින්ද රජපක්ෂ කල ඇරයුම අනුව යලි වාලයුත්තු, ඒරක්කණ්ඩියට ආ ජනයා ඒරක්කණ්ඩි සිංහල පාසලේ නැවති සිටියේ සිය ඉඩම් හා නිවාස ඒතෙක් විධිමත්ව නිදහස් කර නොතිබු හෙයිනි. මේ හේතුවෙන් වසරක් පුරාවට පාසල නැවත පදිංචියට ආ අනාථයන්ගේ සහන කඳවුරක් ලෙස පැවැතුණි. පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත කඩිනමින් ගොඩනැගිලි කිහිපයක් සාදා 2010 ජනවාරි 07 වනදා නැවත පාසල විවෘත කලේය ඒ් වසර 25 කට පසුව වීම විශේෂත්වයකි. පාසල යලි විවෘත කෙරෙන විට ළමුන් 20 දෙනෙකු ඇතුලත් කර තිබුණි. පැරණි ලොග් සටහන්, ලියකියවිලි හෝ වෙනත් උපකරණ කිසිවක් අද දක්නට නැතත් 2010 වසරේ පාසල නැවත ඇරඹීමෙන් පසුව මේ දක්වා ලොග් සටහන් සියල්ල පවත්වාගෙන යාමට විදුහල්පති ඇතුළු පාසල් කළමණාකාරීත්වය කටයුතු කරයි.
නැවත පාසල ඇරඹීමෙන් පසුව ගතවු වසර 13 ක කාලය තුල ළමුන් සියයකට ආසන්න ප්‍රමාණයක් වරින් වර පාසලට ඇතුලත් කර තිබුණි. ගුරුවරුන් 14 ක් පාසලේ සේවය සඳහා අනුයුක්ත කර තිබුණ ද ශිෂ්‍යත්වය හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලියා කිසිවකු හෝ තවමත් සමත්ව නැත.

 

කොවිඩ් වසංගත තත්වය ඇරඹී 2019 වසර අවසානය වන විට පාසලේ ළමුන් 89 දෙනෙකු අධ්‍යාපනය හදාරමින් සිටියහ. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් යලි පාසල වසා දැමුණු අතර 2021 අගභාගයේ දී නැවත පාසල විවෘත කල පසු ළමුන් ගණන 85 ක් දක්වා අඩුව තිබුණි. දෙමාපියන් වෙත බලපා ඇති විවිධ ආර්ථික ගැටලු හා ඔවුන්ගේ පවුල තුල පවතින පෞද්ගලික පීඩාවන් හේතුවෙන් ළමුන් පාසල වෙත නො ඒවීම තුල 2023 වසර වනවිට ළමුන් ප්‍රමාණය 82 ක් දක්වා අඩුව තිබුණි. මේ වනවිට පාසල තුල සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 9 කි. ප්‍රාථමික අංශය සඳහා ගුරුභවතුන් ප්‍රමාණවත් තරම් සිටියද ද්විතීක අංශය සඳහා ගුරුවරුන් ප්‍රමාණවත් නොවීමත් භෞතික සම්පත් ඇතත් ඒ්වා යාවත් කාලීන කරගෙන යාමට මානව සම්පත් වල පවතින හිඟකම පාසලේ අධ්‍යාපනය බිඳවැටීමට බලපා ඇති ප්‍රබලම සාධකය බව විදුහල්පති නන්දන සමන්සිරි මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත් පවතින සම්පත් උපයෝගී කරගනිමින් පාසල තුල අධ්‍යයන කටයුතු කරගෙන යාම විදුහල්පතිවරයාගේ ඉලක්කය වී තිබේ.

 

විදුහල්පති නන්දන සමන්සිරි මහතා

 

– ලක්මාල් කේ. බදුගේ –