2023-12-11
ඒරක්කණ්ඩි කළපුවට ඉහළ අහස පැහැදිලිය. කළපුවට ඉහළ අහසේ වළාකුලක් දෙකක් වරින් වර මහ සයුර දෙසට ඔහේ පාව යයි. පාසල ඉදිරිපිට ඉඩමේ හැටවසක් පමණ පැරණි නෙරළු ගස් යායකි. ඉන් ගසකට නැග ගෙඩි කඩනා තරුණයන් දෙදෙනෙකි. ඒකෙකු පයින් ඇන ඇන පැසුණු පොල් තෝර තෝරා කඩයි. බිම වැටෙන පොල් අනෙකා අහුලයි. යන්තම් දහසය වියැති මේ කොලු ගැටව් සිය පාසල් අධ්‍යාපනය කඩිනමින් හමාර කර ඇති සෙයකි. ඒ් අ.පො.ස. (සා/පෙළ) කඩඉම පසු කර ගැනීමට නොහැකිවීම හේතුවෙනි. කරන්නට කිසිත් නැති හෙයින් උන් පොල් කඩති. දැල් දමති. දැටි ගසති. කළපුව හා අසල වතු උන්ගේ ආදායම් මාර්ගය වී ඇත. ඒසේ වීම අතිශය කණගාටුදායක ශෝකය උපදවන ඒකකි.
ත්‍රිකුණාමලය අධ්‍යාපනය කලාපයට අයත් සිංහල මාධ්‍ය පාසල් 15 අතුරින් ඒකක් වන ත්‍රිකුණාමලය – මුලතිව් වෙරළ බඩ මාර්ගයේ කුච්චවේලි, වාලයුත්තු හි පිහිටි ඒරක්කණ්ඩි සිංහල විද්‍යාලය මේ දරුවන් මුලික අධ්‍යාපනය ලැබු පාසලයි. සිංහල මාධ්‍ය පාසලක් වුවද දෙමළ හා මුස්ලිම් දරුවන් ද මෙහි අධ්‍යාපනය හැදෑරීම විශේෂත්වයකි. ඒය අපුරූ සංකලනයකි. ද්විතීක අංශය දක්වා පංති පැවැත්වෙන බහු ආගමික හා බහු වාර්ගික දරුවන් සමගියෙන් හා සහයෝගයෙන් ඉගෙනුම ලබන ත්‍රිකුණාමලයේ ඒකම මිශ්‍ර පාසල ඒරක්කණ්ඩිය සිංහල විදුහල වීම ඒ් විශේෂත්වයට හේතුවයි.
කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඒරක්කණ්ඩිය හා වාලයුත්තු ගම්මාන අවට ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් දරුවන් සඳහා සිය දැනුම බෙදන මේ අපූරු විදුහලට කණකොකා හඬමින් තිබේ. මේ වනවිට ඉගෙනුම ලබන සිසුන්ට ප්‍රමාණවත් තරම් භෞතික සම්පත් ඇතත් මානව සම්පතෙහි පවතින හිඟය ඊට හේතුව බව පෙනේ.
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් බහුතරය, අ.පො.ස (සා/පෙළ) විභාගයට මුහුණ දී අසමත්වීමෙන් සිය අධ්‍යාපන කටයුතු නවතා තිබේ. විභාගය සඳහා විෂයන් නවයකට අදාලව ප්‍රශ්ණ පත්‍ර සඳහා පිළිතුරු සැපයිය යුතු වුවද විභාගයෙන් සමත්වන්නට හෝ සිසුන් සමත් කරන්නට තරම් ප්‍රමාණවත් ගුරුවරුන් වසර 13 ක් පුරාවට පාසල තුල නොසිටි බව අධ්‍යාපන බලධාරින් ද නොදන්නවා නොවිය යුතුය.
ත්‍රස්තවාදී කලබල හේතුවෙන් 1985 වසරේ දී වසා දමා තිබි වසර 25 කට පසුව නැවත අධ්‍යයන කටයුතු සඳහා 2010 වසරේ දී විවෘත කල පාසල තුල, පවතින ගුරු ගැටළු විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශයට මේ දක්වා නොහැකිව තිබේ. දුෂ්කර ප්‍රදේශයන් හි සිට පැමිණ දැනට පාසල තුල සේවය කරන ගුරුවරියන් අටදෙනාගේ කැපවීම අසීමිත බවත් සෙසු විෂයන් සඳහා ගුරුවරුන් නොමැතිකම අධ්‍යාපන ප්‍රතිඵල පෙන්වීමේ දී ප්‍රබලතම බාධාව බවට පත්ව ඇති බව විදුහල්පති නන්දන සමන්සිරි අවධාරණය කරයි.
පාසල තුල සේවයේ නියුතු ගුරුවරියන් හා ඒක්ව දරුවන් ගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කරන මෙම ධෛර්ය සම්පන්න විදුහල්පතිවරයාට ජන පාසල් සංකල්පය යටතේ ඉගෙනුම් ආධාරක ලබාදීමට නීතියේ ආධිපත්‍ය සංවිධානය පසුගියදා කටයුතු කර තිබුණි.
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වුණ ද ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, සෞන්දර්ය, සෞඛ්‍ය හා ශාරික අධ්‍යාපනය, දෙමළ, කතෝලික ධර්මය වැනි විෂයන් සඳහා ගුරුවරුන් නොමැතිකම සිසු අධ්‍යාපනයට පවතින ඉහළම බාධාවයි. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය අතර ඉගෙනුම ලබන සිසුන් අතරින් සිසුන් නම දෙනෙකුට අකුරු ලිවීමට හෝ කියවීමට කිසිසේත්ම නොහැකිවීම කණගාටුවට කරුණකි. විෂය නිර්දේශයට අනුව ඉගැන්වීම ද ඒ් අතර තුර අකුරු ලිවීමට නොහැකි දරුවන් වෙනුවෙන් අමතර කාලයක් මිඩංගු කිරීමට සිදුවීම ද දැනට සේවය කරන ගුරුවරියන් වෙහෙසට පත්කරවන කරුණකි. ප්‍රධාන විෂයන් සඳහා ගුරුවරුන් නොමැතිකම හේතුවෙන් අඩු අධ්‍යාපන මට්ටමක සිටින සිසුන් ගණන 43 කි.
ද්වීතික අංශයේ දරුවන් සඳහා අවැසි බී ටයිප් ඩෙස් හෝ පුටු පාසලේ නොමැත. ද්විතීක අංශයේ සිසුන් සිය අධ්‍යාපන කටයුතු කරනුයේ ප්‍රාථමික අංශ දරුවන් අකුරු ලිවීමට යොදා ගන්නා වර්ගයේ ඩෙස් හා පුටු භාවිත කරමිනි. ඒය සිසුන් අපහසුවට පත් කරනා කරුණකි. අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයන් නැතිකම හා ගුරු නේවාසිකාගාරය ප්‍රමාණවත් පහසුකම් වලින් තොරවීම නේවාසික ගුරුවරියන් අපහසුතාවට පත් කරති. අඩුපාඩු කොතෙක් ඇතත් ඒ් කිසිත් මායිම් නොකොට දරුවන් වෙනුවෙන් ගුරුවරියන් කරනා කැපවීම ද අගය කල යුත්තකි.
ශිෂ්‍යත්වය හා අ.පො.ස. (සා/පෙළ) පොදු විභාගයන් සේ දිවයින පුරා පැවැත්වුණ ද ප්‍රමාණවත් තරම් සිසුන් සමත් කරලීමට ඒරක්කණ්ඩිය සිංහල විදුහලට නොහැකිවීම අනෙක් පසින් කණගාටුවට කරුණකි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමතුන් නැතත් ලකුණු 75 ට වඩා ගත් සිසුන් පමණක් සිටින බව විදුහල්පති නන්දන සමන්සිරි පවසයි. මෙවර අ.පො.ස (සා/පෙළ) විභාගයේ ප්‍රතිඵල ද ඒලෙසමය. සමතුන් කිසිවකුත් නැත. ඉගැන්වු ගුරුවරියනට ආඩම්බරයක් වන සේ තමන් උගත් විෂයන් කිහිපය ඉහළින්ම සමත්වීමට මේ දරුවන්ට හැකිව ඇත. විභාගය අසමත් සොවින් බර මුහුණු ඒකොළොස් වසරක් අකුරු කරවු පාසලට ආයුබෝවන් කියා හෙට දවසේ පිටව යනු ඇත. ඔවුන් ගේ මුහුණු යලිත් දිනෙක පාසල අවට කළපුවේ දී, කඩ පිලක දී හෝ පොල් වත්තක දී ඔබට හෝ මට දැකිය හැකිවනු ඇත. බලධාරින්ගේ යුතුකම හා වගකීම විය යුත්තේ දෙවන සිසු පෙළට හෝ සොවින් තැවීමට ඉඩ නොතබා කඩිනමින් ගුරු පුරප්පාඩු පිරවීමය. අවැසි සම්පත් ලබා දීමය.
– ලක්මාල් කේ. බදුගේ –