2023-12-11
පසුගිය සෙනසුරාදා වාලයුත්තු ගම්මානයට තරමක කාර්යබහුල දිනයක් විය. උදෑසනම ගම්මානයේ දරුවන්ට අකුරු කරවීම ආරම්භ වූ අතර ඊට පසුව ගම්මානයේ ජනතාවගේ මනෝ සමාජීය අවශ්‍යතා සහ ඒ ආශ්‍රිත ගැටලු සාකච්චාවට ලක් කළ අතර මේ කටයුතු මනෝවිද්‍යා උපදේශිකා සත්සරා අභිමානිගේ සහයෝගයෙන් ක්‍රියාත්මක විය.
පෙර වැඩසටහනට සාපේක්ෂව වැඩි උනන්දුවකින් ගම්මානයේ ජනතාව මීට සහභාගී වූ අතර ඔවුන් සිය ගැටලු සඳහා මනෝවිද්‍යා උපදේශනයට සහභාගී වීමට වැඩි උනන්දුවක් දැක්වීය.
ඉන්පසු එදින සවස් යාමයේ නීති සායනය පැවැත්විනි. ඒ නීතීඥ මනෝජ් අරවින්ද සෙබස්තියන්ගේ සහභාගීත්වයෙනි. එහිදී විශේෂයෙන් ගම්මානයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳව සාකච්චා වූ අතර එහිදී තව දුරටත් ඔවුන්ගේ ගැටලු හඳුනා ගැනීම සිදු කළේය. මෙහිදීද පෙර වතාවට සාපේක්ෂව වැඩි සහභාගීතවය දක්නට විය.
ඉන් පසු තවදුරටත් ප්‍රජාව වෙත සමීප වීම සහ, ඔවුන්ගේ ගැටලු හඳුනා ගැනීම සඳහා ගම්මානය තුළ සංචාරය කිරීමටද අප ක්ෂ්‍රේත්‍ර නිළධාරීන් කටයුතු කළේය.
මෙම වැඩකටයුතු සඳහා ගඟතලාව මාධ්‍ය සංවිධානය අප වෙත සංවිධාන ශක්තිය සපයනු ලබයි.
ප්‍රජාව සමග ඉඩම් ගැටලු පිළිබඳව සාකච්ඡාව හා නීති සායනය
වාලයුත්තු දරුවන් සමග අධ්‍යාපන වැඩසටහන