2023-12-15
නීතියේ ආධිපත්‍යය සදහා වු ආයතනය විසින් මානව හිමිකම් දිනය මුල් කරගෙන “මානව හිමිකම් සහ ශ්‍රී ලංකාවේ හෙට දවස” යන මැයින් විශේෂ වැඩමුළුවක් අද (15) පැවැත්වේ.
විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු උසස් අධ්‍යාපන සිසුන් 44 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මරදාන සී.එස්.ආර් පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලබන්නේ ආසියානු මානවහිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ නීතීඥ බැසිල් ප්‍රනාන්දු මහත්මාය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, එහි හෙට දවස පිළිබඳව සාකච්චා කරන මේ වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ නීතිය සහ එහි අත්දැකීම් සේම නීතිය පසඳලින ආයතන සහ එහි කාර්යභාරය පිළිබඳවද අවධානය යොමු වේ.
විශේෂයෙන්ම මෙම වැඩසටහනේදී සිසුන් තමන් අත්දකින සහ අත්විඳින සමාජ අත්දැකීම් හුවමාරුකරගත් අතර ඒ හරහා සාකච්චා සභාව සුවිශේෂී මුහුණුවරක් ගනු ලැබීය.
The “Human Rights and Sri Lanka’s Tomorrow” training workshop was held on the 15th of December for 44 university undergraduates.
The workshop was facilitated by a prominent human rights lawyer and the director of the Asian Human Rights Commission, Mr. Basil Fernando