2024-01-08
නැගෙනහිර මුහුද චණ්ඩය. රළුය. මුහුද සැඩවීම යනු වාරකන් සමය ඒළැඹි ඇති බවට ලබාදෙන ඉඟියයි. මුහුදට මෙන්ම කුච්චවේලි වාලයුත්තු ගම්මානයේ ගැමියන් ගේ ජීවිත වලට ද වාරකන් සමය ඒළැඹී ඇත. චණ්ඩ මුහුද මෙන් ආර්ථික ප්‍රශ්ණ ද ඔවුන් ගේ ජීවිත වෙලාගෙන ඇත. නව වසර පැමිණිය ද නව පාසල් වාරයේ දරුවන් පාසල් යැවීමට අවැසි පොත පත ලබා ගැනීමටත් සෙසු වියහියදම් සඳහා මුදල් සොයා ගැනීමත් වාලයුත්තුවේ බොහෝ පිරිසකට අපහසු කටයුත්තක් වී තිබේ.ඒ් වැසි සහිත වාරකන් සමයේ දී කූලි වැඩ සොයා ගැනීම හා මුහුදු යාම අපහසු වීම හේතුවෙනි.
වෙනදා කුලියක් කරගත් ගෙවතු ආශ්‍රිතව වැඩ, වාරකන් සමයේ හිඟවීම ද මුහුද රළුවීම නිසා පරවි දුපත වනෝද්‍යානය වසා දැමීමෙන් සංචාරක යාත්‍රා සේවා සැපයීමට ද නොහැකිවීම වැනි කාරණා ද මේ මිනිසුන් ගේ ජීවිත හෙම්බත් කර ඇත. අනෙක් පසින් ස්ථිර ආදායම් සහිත රැකියාවකට යොමු නොවීමත් ඊට ඔවුන් සතුව පවතින දැනුම හා ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැතිකම වාලයුත්තු ගැමියන්ගේ දුප්පත්කම දුරලීමට පවතින බාධාවන්ය.
යුද්දයෙන් පසු යලි සෙමින් පය ගසා නැගිටින වාලයුත්තු ගම්මානය තුල දරිද්‍රතාවය තවමත් පහව ගොස් නැත. සමෘද්ධිය හා වෙනත් ජීවනාධාර මෙහි ජීවත්වන බොහෝ පිරිසක ගේ දිවියට ඒකම සවිය වී ඇත. කළපුව හා මුහුද ඔවුන්ගේ ජීවනෝපායට මහත් ආශිර්වාදයකි.
කළපුවට කූඩු දමා කකුළුවන් අල්ලා ජීවත්වන්නන් ද කුලියට මා දැල් අදින්නන් ද ජා කොටු දමන්නන් ද වාලයුත්තුව තුල හිඟ නොවෙති. ඇතැමෙකු ගස්ලබු, ලුණු හෝ බටු වගා කල වත්තක වැඩට යති. තවකෙකු පෙදරේරු රැකියාවට ද සංචාරකයන් පරවි දුවට රැගෙන යාමට ද යති. තැන තැන සිල්ලර කඩයකි. ඇතැමෙකු කොටුවෙන් කඩාගත් ඒළවලු හෝ ගස්ලබු මහමග තබාගෙන විකුණති. මේ කිසිවක් ස්ථිර ආදායම් උපයන ඒ්වා නොවීමත් ආදායම් උපයන දා යමක් ඉතිරි කර ගැනීමට මේ මිනිසුන් නොපෙළඹීත් තුල සෑම වසරකම වාරකන් සමය වාලයුත්තුවේ පණ ගැහෙන බොහෝ ජීවිත වල සතුට සොරාගන්නා සමය වෙති.
තිස් වසරක යුද්දයෙන් ද ආර්ථික පීඩාවන්ගෙන් ද බැට කෑ වාලයුත්තු වේ මිනිසුන් බොහෝමයක් ඉඩමක හිමිකම අහිමි වුවෝ වෙති. ඇතැමෙකු යුද්දය හේතුවෙන් අතහැර දමා ගිය වෙනත් අයෙකුගේ ඉඩමක දිගුකාලයක් පුරාවට පදිංචිව සිටිති. තවකෙකු සිය ඉඩම හා නිවස වෙනත් පාර්ශවයක් විසින් අල්ලා ගැනීමෙන් අසරණව සිටිති. බොහෝ පිරිසක් සිය මුල් ඉඩම් අහිමිව යාම නිසා යුද අනාථයන් සේ කුලියට සිටිති. කෙසේ වෙතත් මේ මිනිසුන් මුහුණ දෙන ඉඩම් ගැටලු විසඳීමට බලධාරින්ට නොහැකිවීම සිය දිළිඳු බව පරයා නැගී සිටීමට මොවුන්ට ඇති තවත් බාධාවකි.
“නයිජර් ඉඩමේ තමා කලින් හිටියේ ඒතැනිනුත් අපිව ඒළවා දැම්මා ඒ්ක හෝටලයකට අයිති ඒකක් කියලා. ඊට පස්සේ මේ මහ කැළය කපාගෙන පදිංචියට ආවා. දැන් ඒ්කට ඔස්ට්‍රේලියාවේ කෙනෙක් අයිතිය කියනවා. අපි ඉපැදුනෙත් අපේ දරුවෝ ඉපැදුනෙත් මෙහේ අපියි යුද්දෙන් බැටකෑවේ. අපියි යුද්දය දැක්කෙ ඒ්ත් අපිට මේ බිමේ ජීවත්වෙන්න හිමිකම නැතිවෙලා මහත්තයා..” පලනිඅප්පන් නිර්මලාදේවි වාලයුත්තුවේ පලනිඅප්පන් ලා ඇතුළු පිරිස මුහුණ දෙන පොදු ඉඩම් ගැටළුව ගැන ඒසේ පැවැසුවාය.
පලනි අප්පන් පරපුරේ පවුල් හතකට හා තවත් පවුල් පහකට ඉඩම් නඩු වැටි ඇත්තේ ද මේ නිසාවෙනි. ලඳු කපා බිම් කොටා ගෙන හදාගත් පැලෙහි වසර 15 ක් පුරාවට ජීවත්වන මේ මිනිසුන්ට නඩු දමා ඇත්තේ ද ඒකී ඉඩම් ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවකුට අයත්බව කියමිනි. වාලයුත්තුවේ දිගු කාලයක් ජීවත් වුවද බොහෝ දෙනෙකුට සිය ඉඩමට ඔප්පු හෝ බලපත්‍ර හෝ අහිමිය. පලනි අප්පන්ලාගේ නිවාස වලට යාබදව ජීවත්වන ජෙයන්දනිට ද ඉඩම් හිමිකම නැත. යුද අනාථයන් සේ 80 දශකයේ දී වාලයුත්තුව හැරගොස් යුද නිමාවෙන් පසු යලි පැමිණි සිසිලින්ට හා මර්වින් ට ද එම සන්තෑසියමය. ඔවුන් ගේ මුල් ඉඩම් හා ජීවත්වු පැරණි නිවාස හිමි නොවුයේය. ඒ්වා වෙනත් පිරිස් ග්‍රහණයට ගෙන ඇත. සිය ඉඩකඩම් දෙස බල බලා සොවින් තැවෙන මේ වයෝවෘද්ධයන් උපන් ගමේ ජීවත්වීමට මහත් වෙහෙසක් දරති.
යුද්දයෙන් අනාථයන් ලෙස පලාගොස් කටුක දිවියක් ගතකොට යළි වාලයුත්තුවට පැමිණ යලි පයගසා නැගි සිටීමට වෙර දරණ මේ මිනිසුන් තුල ද බොහෝ සිහින තිබෙනු ඔවුන් ගේ බොර පැහැති දෑස් නිහඩවම පවසති.
කාෂ්ටක අව්වෙන් බැටකමින් ඒරක්කණ්ඩි වාලයුත්තු මහ පොළව හා ඔට්ටුවෙන ගැහැණුන් ද දියවැල් හා හරි හරියට පොර බදන මිනිසුන් ද සිය බඩවියත ගැටගසා ගැනීමට මේ නිසා මහත් සටනක් කරති. යුද්දයෙන් තිස් වසරක් පුරාවට බැට කෑ උන්ගේ අපේක්ෂාවන් නිල් අහසටත් වඩා විශාලය. වළාකුළු මෙන්ම සුන්දරය. පොළව සිප ගන්නා වැහි බිදති මෙන් නැවුම්ය. ඒහෙත් ඒ්වා යථාර්ථයක් නොවී සිහිනයක් පමණක් වීම කණගාටුදායකය.
– ලක්මාල් කේ. බදුගේ –